දහසකුත්
කොපු අතරින් අහසට නැගුණු උපත් පාලන කොපු
අතීතයේ කොපුවක් කියූ පමණින් ලාංකිකයාට
සිහියට ආවේ කඩු කොපුවයි. මනමේගෙ කඩු කොපුව එක් උදාහරණයකි .කාලය ගෙවී යන අතරතුරදී ලාංකිකයාට අමුතු
විදිහේ කොපුවක් දකින්නට හැකි විය .ඒ උපත් පාලන කොපුවයි .පුංචි පවුල රත්තරන් කියපු
කටවල් එම කොපුවත් අත්හදා බලන්නට වූ අතර උපත් පාලන කොපුවට ඉඳුල් කටගා නම් තැබූ ව්‍යාපාරික
ප්‍රජාව 'කොන්ඩම් 'ලෙස මේ පිරිමින්ගේ මලණුවා හඳුන්වා දෙන්නට විය .කොන්ඩමයට ඇත්තේ එක ආත්මයක්
පමණි .එනම් සංසර්ගයේ දී එක් තෘප්තිමත් වීමකට පමණක් සෑහේ .කොන්ඩමය ගැමි
ජනතාවට හඳුන්වාදීමට ගිය පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට සිදුවුණු ඇබැද්දියක් ඉලන්දාරි
කතා සාහිත්‍යයේ ඇත .එනම් කොන්ඩමය හඳුන්වා
දීමට මෙම නිලධාරිනියට මහත් ලැජ්ජාවක් ඇතිවිණ .බොහෝ වෙලාවක් කල්පනා කළ ඇයට එක්
උපායක් සිහිවිය .සැණින් ඉදිරිපත් වූ ඇය තම දකුණු දබරගිල්ලට එය දමා,මේ ආකාරයට ලිංගිකව හැසිරෙන්න යැයි උපදෙස් දෙන ලදී .එදා රාත්‍රියේ සිටම ක්‍රියාත්මක
වූ ජනතාව කියූ ලෙසම හැසිරුණු අතර මාස කිහිපයක් ගත වන විට ගැබ් ගැනීම් සිදුවූ නිසා
නිලධාරිණියට දොස් නගන්නට විය .ඔවුන් කීවේ අපි ඇඟිල්ලට මේ ඉලව්ව දාගෙන හිටියත් මගේ
ගෑණි ආයෙත් අම්මා කෙනෙක් කියායි .
කොන්ඩමය යනු DUAL PURPOSE වාහනයක් වැනිය .එනම් වැඩ දෙකකි .පළමු කාරණය ඒඩ්ස් වැනි ලිංගික රෝග වලින්
ආරක්ෂා වීමට හැකි වීමයි .දෙවැන්න අනිසි දරු උපත් පාලනය කිරීමයි .එහෙත් රසබරම කාරණය
කොන්ඩම් භාවිත කරන්නේ අඹු සැමියන් නොවීමයි .තම සැමියා හෝ බිරිඳ ගැන විශ්වාසයක් ඇති
අයට කොන්ඩම් යනු විහිළුවකි .ගර්භනී භාවයට පත් වූවත් එය විශාල ගැටළුවක් ලෙස ඔවුන්
සළකන්නේ නැත .අනෙක් සුවිශේෂී කාරණය වන්නේ කොන්ඩමයේ කෘත්‍රීම බවට අඹු සැමියන්
කිසිසේත්ම ප්‍රිය නොවීමයි .ඒ සියල්ලම අනුව කිව හැකි වන්නේ කොන්ඩම් යනු තහනම් ආලයට
මල්සරා දුන් වරමක් යනුවෙනි.
ගණිකාවගේ බෑගයේත් , සල්ලාල පිරිමින්ගේ පසුම්බියේත් එකක් දෙකක් නැතුවාම නොවෙයි .ගෙස්ට් හවුස් එක
ළඟ තිබෙන සිල්ලර කඩේ වුවත් වැඩිම අලෙවියක් ඇත්තේ කොන්ඩම් බව මුදලාලි මහත්තයා
කිවුවත් නැතත් ජනතාව දනී .බිරිඳ සහ සැමියා එවැනි තැන්වලට නොයන නිසා යළිත් කිව යුතු
වන්නේ පෙර කී කාරණයම පමණි ."ඕන මඟුලක් කරගනිල්ලා ...වැඩ වරද්දා
ගන්නැතුව" යනුවෙන් නොකියා කියනවා
දැයි පැනයක් මතුවන්නේ එවිටයි .කෙසේ හෝ අවි තිබේ නම් යුද්ධෙට බය ඇයි ?කියන්නා සේ සියල්ලෝම යහමින් රති කෙළියේ නිරත වෙති .
එබැවින් පවුල් සැලසුම්
ලෙස හැඳින්වීම සාධාරණද ?
පවුල් වැනසුම් ලෙස
හැඳින්වීම සාධාරණද ?.......................................
-අංකුඹුරේ
අමිලයන්